සිටිනා විට ඇය අසලින්
දැනුනා මූලු ලොවම මා සතු බවක්
එත් අද,
මා ළඟ ඇය නොමැති සඳ
දැනෙන පාළුව
මකා දැමිය නොහැකි ලෙස
සිතට කාවැදුණු දැඩි බව
........................
ඒ සෙනෙහස
ඒ සුවඳ
ඒ ආදරය
ඒ රැකවරණය
ලැබිය හැකිද කවරකුගෙන්.....
අම්මේ....
ඔබ අද ගොස් ඇති දුර
මට ලංවිය නොහැකි විලස
හය හතරක් නොතේරෙන
පොඩි එකකු විලසින්
දෙලොවක අතරමංව අද
මා
ඔබ සිටිය නම්
මා සනසාවී
ඒ උතුම් ආදරයෙන්
සිහිවන විට
යලි කිසිදින
නොලැබෙන බව
ඔබේ සෙනෙහස
ලබන්න ඔබේ ඒ දයාව
කුමටද මේ ජීවිතයම
කලකිරිලා අනන්තයට
අනන්ත වූ ඒ සෙනෙහසේ අඩුවින්...............
හදවතට කන්දෙන්න
ReplyDeleteසොයුරිය ඔබේ
දැනෙයි ඔබට..
ගතින් වෙන්වුනත්
තවමත් ඇය
ඔබ අසල
සිටින බව..
ඒකයි හිතට තියෙන සැනසීම..
ReplyDeleteAn ounce of mother is worth a pound of clergy.-- VERY NICE DEAR.. KEEP IT UP
ReplyDelete@Helani That's true, For anyone in this world mother is the greatest person for him or her. Thanks so much dr,
ReplyDelete