Sunday, October 17, 2010


අපිරිමිත සෙනෙහෙවක්
අනන්ත වූ ආදරයක්
දයාවක්
එලිය කළා
අප ජීවිත
මහා පහන් ටැඹක් සේ
නිහඬව
නිසංසලව
නිවී ගියා ඒ පහන් ටැඹ
දල්වා ගිනි අප හද තුල
යලි කවදානම්
නිවාගත හැකි වේද
ඔබේ වියෝවෙන් හට ගැනුණු
ඒ දුක් ගින්න ...........
මා ආදර මවුනි ...........................!!!!!!!!!!!!

Thursday, October 7, 2010

අම්මේ .....


සිටිනා විට ඇය අසලින්
දැනුනා මූලු ලොවම මා සතු බවක්
එත් අද,
මා ළඟ ඇය නොමැති සඳ
දැනෙන පාළුව
මකා දැමිය නොහැකි ලෙස
සිතට කාවැදුණු දැඩි බව
........................
ඒ සෙනෙහස
ඒ සුවඳ
ඒ ආදරය
ඒ රැකවරණය
ලැබිය හැකිද කවරකුගෙන්.....
අම්මේ....
ඔබ අද ගොස් ඇති දුර
මට ලංවිය නොහැකි විලස
හය හතරක් නොතේරෙන
පොඩි එකකු විලසින්
දෙලොවක අතරමංව අද
මා
ඔබ සිටිය නම්
මා සනසාවී
ඒ උතුම් ආදරයෙන්
සිහිවන විට
යලි කිසිදින
නොලැබෙන බව
ඔබේ සෙනෙහස
ලබන්න ඔබේ ඒ දයාව
කුමටද මේ ජීවිතයම
කලකිරිලා අනන්තයට
අනන්ත වූ ඒ සෙනෙහසේ අඩුවින්...............

Friday, October 1, 2010

ඉවසීම සැනසීම හා සතුට



ඉවසීම,
කොතනද කෙලවර කියා නොදත්මුත්
ඉවසීමි.
සැනසීම ලැබෙතිය සිතා,
යම් දිනෙක
කවදා නම් ලැබේද ඒ සැනසීම
ජීවිතය විඳිනුව රිසි මුත්
විඳවනු අකමැති මුත්
මන්ද මේ තරම්
වේදනා ජීවිතයට
ආසයි හැමදාමත් හිනා වෙලා ඉන්න
ඉඩදෙන්න හිනැහෙන්න