කුඩා කල සිට , පැටව් හතරක් ,
රැකබලාගත් මවත් සමගින්,
කිසිදු වෙනසක් , අඩුපාඩුවක් දැනුනේ නම් නෑ
රත්තරන් තාත්තේ
අක්කා හිටියේ ගෙදර නොවමුත්
තිබෙන්නැති ඒ බර උනත් හිත් ..
අදත් මතකයි ඔබත් සමගින් ගියපු හැටි
මුල්දිනේ අකුරට ෆුට් සයිකලෙන් ...
ඉල්ලනා හැම අඩුපාඩුවම දී ,
නොපිරිහෙලා කල ඔබේ යුතුකම් ..
සිහිවෙද්දී බෑ නවත්තන්නට
නෙතින් ගලනා කඳුලැලි ...
අද ඔබව තනිකරලා යන්නට සිදු වුණා මට ඔය නිවහනේ ...
බෝ දුකයි රත්තරන් තාත්තේ මේකදෝ දුවකට උරුමේ...
මතක් වෙන විට ඔබේ තනිකම, කෑවා බීවද යනාදී ලෙසේ..
දරාගන්නට අමාරුයි මට මගේ රත්තරන් තාත්තේ
උරුම කර දී සියලු සැප ..සදාදී අප අනාගතේ ..
ඉන්නේ ඔබ තනිව අද එදා අපි රජ කල නිවසේ ..
,
